Thursday, June 6, 2019
හිතළු...
හැගීම් විරහිතව ඔහේ බලා සිටිද්දී පවා ඔහේ කඩා වැටෙන කදුළු කැටයක් පවසන්නේ නුඹ නොමැති තැනක විදින්නට දෙයක් නොමැති බව මිස අනෙකක් නොවේමය.
ඒවා බිමට වැටෙන්නට නොදී අල්ලාගන්නට නුඹ සිටියානම්..එය හිතළුවක් පමණි.
නුඹ සමග ගත කළ ඇසිල්ලක මොහොතක පවා හිත පිරී තිබුණි.ඒ තරම් සුන්දර හැගීමක් නුඹ වචන වලට පෙරළු අයුරු මට මැවේ.
" ඔයා මාව පිස්සෙක් කරනව නංගී"
එවැනි මොහොතක ආදරෙයි කියන්නට වචන වුවමනා නැත.
ඒ මොනතරම් සුන්දර තත්පර දැයි සිතද්දී දැනෙන මතක සුවද ඒ අතීත සුවයම ගෙනෙනවානම්....ඒවාද හිතළුය.
වඩා සුන්දර වූ මතක ගෙනෙන වේදනා හිතට බර වැඩිය.
නිස්කලංකව දයාවෙන් ආර්ද්‍ර වූ සොඳුරු නිමේෂයන් වෙත සිතින් යාම කටු කොහොලින් පිරි වනයක යාම මෙන් දුශ්කර වන්නේ එබැවිනි.
ඒවාට තනිවම යාම එතරම්ම අපහසුය.
සෙනේහයෙන්ම සන්තෘප්ත ව සිහින දකින සිත් තරම් සුන්දර අනෙකක් මෙලොව තිබිය හැකිද...බාහිර ලොවක් සමග නොගැටී පාරිශුද්ධ ව ආදරයෙන්ම ආදරය විදින ඒ සිත් ඇත්තටම ලස්සනම ඒවා විය යුතුය.
කාලය විසින් පුරවන කදුළු වලට ඒවයේ සුවද මැකිය නොහැක...
"නුඹ නොමැති දිහාවක
තල කොහිද සදලු
කටු මතින් ඇවිද යමි
මතක වන වදුළු
උහුලන්න බැරි තරම්
සිහිනයන් සිදළු
ලස්සනම තැන්වලයි
තියෙන්නෙම කදුළු....."
Subscribe to:
Post Comments (Atom)
ලස්සනම තැන්වලයි - තියෙන්නෙම කඳුළු
ReplyDeleteඒක ඇත්ත...❤️👌
ඔව්♥️
Delete