Tuesday, June 4, 2019
නුඹව සොයන මේ ඇස් වලට
බොරු කරන්නට මේ සිතට නම් නොහැකි මය..
ඒ කලු ඉන්ගිරියාවේ සිර කරගත්
මගේ හදවතේ හැම අස්සක් මුල්ලක් නෑරම
ලැගුම් ගත් ඔය සිනාව, මොහොතකටවත්
කවරකට වත් උපමා කරන්නට නම්
නොහැකි නිසාමය..
එය හුදු සිනහවක් නම් නොවේමය..
උන්මාදජනක හැගීමක් ය.
චමත්කාරජනක සිදුවීමක් ය..
හද සසල කරවන්නක්මය...
මෙතුවක් කළකට
එක් වරක්ම පමනක්
මට පෑව...
නමුත් මට එය අවැසිව ඇත..
සදාකාලිකවම ලය මත තබාගෙන මියැදෙන්නට,,
අපගේ
ආත්මගත ආදරයේ නාමයෙන්ම...
නමුත්
පිළිගත යුතුම සත්‍යයක් අප වෙත පැමිණෙනු ඇත..
කවදා හෝ දවසක..
ඒ මොහොත හැකිතාක් දුරම වන්නට
ඔය සිතද
පතන බව නම් නොඅනුමානය...
එහෙත් සොදුර මම බිය වෙමි.
බොහෝ සේ බිය වෙමි.
ඒ නුඹ වෙනුවෙන් ය
අප වෙනුවෙන් ය..
අපිට අපිවත් නැති
අපි අපේ වන කළක..
මෙසේ හඩන මේ සිත් වලට
තව කොයිතරම් නම් හඩන්නට වේවිද ....
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment