සෘජු වූ කයකි.
පිරිපුන් මාංශයෙන් යුත් ශරීරයකි.
වටකුරු දෙනෙත් වල විටෙක තිබුනේ අහිංසක බැල්මක් වුවත්,
බොහෝ විට එය තියුණු ය.
සෘජු වූ නාසයකි.
කිරිගරුඬ වන් සමක් ද රත්පැහැ ලවන් ද සෘජු ව සුළගින් නළල සිප ගන්නා කේශයන් ද වේ.
ඕනෑම මොහොතක හිස තබා සැනසෙන්නට සිත් ඇති කරවන මෘදු වූ පපුවකි.
ශක්තිමත් ව දිස් වන බාහු යුගල හා දෙඅත් වලින් කිටි කිටියේ සිරුරට තදවෙනු රිසි හැගීම් ඇති වෙයි. සරාගය ඉපිදවෙයි...
No comments:
Post a Comment